මහානායක - Mahanayaka

දුෂ්ට කත්නෝරුවේ සිරිධම්ම තැන

මහානායකවාදය ප්‍රිය කරන ඔබ මේ කාලයේ මහානායකවාදයට අකුල් හෙලන තවත් දුෂ්‍ටයෙකු පහළ වී ඇති බව වටහා ගත යුතුය. නමින් කත්නෝරුවේ සිරිධම්මය. ඒ තැනගේ කතාව මෙසේය:

ප්‍රශ්නය: ලංකාවේ නිකාය භේදය පිළිබඳ තරුණ භික්ෂූන් වහන්සේ නමක් විදියට ඔබ වහන්සේ විචිත්‍ර ධර්ම කථිකයෙක් විදිහට මොකක්ද ඔබ වහන්සේගේ අදහස?

පිළිතුර: මේ කාරණා මෙහෙම කතා කරන්න ඕනැ ඒවා. නිකාය භේදයට තදින්ම විරුද්ධයි. ඒකේ කතා දෙකක් නෑ. නිකාය භේදයක් තියෙන්ඩත් බෑ. ...

නිකාය භේදය... මේවා හරි පරිස්සමට කතාකරන්ඩ ඕනෑ දේවල්.

බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව භේදයක් තියෙන්ඩ බෑ. ඔච්චරයි.

ප්‍රශ්නය: භේදයක් හදාගෙන තියෙන්නේ?

පිළිතුර: මොකටද කියලද අහන්නේ?

තම තමන්ගේ පැවැත්මේ දිග පළල වෙනස්කර ගන්ට. ...

පාලක පන්තියේ භේදය හදාගන්නේ මොකටද? බලය පතුරවා ගන්ඩ නේ? බලය ආරක්ෂා කරගන්ඩ, බලය පවත්වාගන්ඩ. ඕකට නෙමෙයි ද? වෙන මොකට ද?

...

කුල කතන්දරෙත් එක්ක තමයි ඔය ගැටලුව ඉස්මතු වෙන්නේ. ඒ අර අඩුකුලේ කට්ටිය ඒ ඒ නිකායන්වල මහණ වෙනවනේ, හොඳ කුලේ කට්ටිය ඒ ඒ නිකායන්වල මහණ වෙනවා.

...

ඒ නිසා වර්තමානයේ ශාසන භාරදාරී භික්ෂූන් වහන්සේලාට දෙන්ඩ තියෙන පණිවිඩය තමයි සැබෑ බුද්ධ පුත්‍රයෝ විදිහට ජීවත් වෙන්ඩ. තථාගත ධර්මයේ තියෙන අර හරයාත්මක පැත්ත විතරක් සමාජගත කරන්ට. භේදය භින්නය කියන එක නැති වෙන්ඩ ඕනෑ තැනනේ පංසල. ඒ උනාට ඕක පන්සලෙන් ඇති කරපුවාම? ඒක හරි ප්‍රශ්නයක්.

අපි දන්නවා සමහර පන්සල්වල තියෙනවා ඔය මිනිස්සු ගේන දානෙ වළදන්නෙත් නැති තැන් එහෙම තියෙනවා.

...

මහානායකවාදය ප්‍රිය කරන ඔබ මෙවන් දෝෂාරෝපණවලට උපක්‍රමශීලීව විරුද්ධ විය යුතුය. ඒ සඳහා අඩු තරමේ ටික්ටොක් එකක්වත් කළ යුතුය. සිරිධම්ම තැන කවරක් කීවත් "ශාසන භාරදාරී භික්ෂූන් වහන්සේලා" ලෙස සඳහන් කරමින් මහානායකවරුන්ගේ බලය (දිග පළල) තහවුරු කර ඇති බව පෙනේ. ඔබගේ ටික්ටොක් එකද සිරිධම්ම තැනට දොස් කියන ගමන් "ශාසන භාරදාරී භික්ෂූන් වහන්සේලා" යන අදහස ස්ථාවර වන ලෙස කිරීම වටී. මහානායකවරුන්ට ශාසනය භාර කළේ කවුරුන්ද යන්න ගැන අන් අයට සිතීමට ඉඩ නොතැබුව මනාය.

දෙව්දත් සරණයි!