දුෂ්ට ඇපල් විජේ

By admin, 16 ජූලි, 2023

මහානායකවාදය ප්‍රියකරන ඔබ මහානායකවාදයට විරුද්ධවාදීකම් කරන්නන් පිළිබඳව දැන නොසිටිය යුතු ද? ඇපල් විජේ යන නම් ලත් පුද්ගලයෙක් තමන්ගේ ඇඟේ ප්‍රමාණය ගැනවත් නොසලකමින් කරන ප්‍රකාශ පිළිබඳ ඔබේ අවධානය යොමු කිරීම මැනවි:


[ 01:35 ]
මගේ හෘදසාක්ෂිය අනුව මං හිතනවා විසි දාහක් නං හාමුදුරුවරු ඉන්නේ තුන්දාහක් හාරදාහක් හොඳ හාමුදුරුවරු ඇති කොයි හරි කියලා.
 

[ 2:38 ]
ඇයි හාමුදුරුවරු මේක කෙළින් කරන්නේ නැත්තේ? ... ඒකට හේතුව තමයි මේ ශාසනය හැදිලා තියෙන ක්‍රමවේදය. ... මහානායක හාමුදුරුවරු ඉන්නවා. මට ඒ නිකාය නීතියට අනුගත වෙන්ඩ වෙනවා. ... මට ඕනෙ නෑ මේ මුල් බුදුසමයෙන් කඩාගෙන ආපු චිත්‍රය කඩාගෙන ගිහිල්ලා වෙනම වර්ණවත් චිත්‍රයක් නිර්මාණය කරන්න. ... මහානායක හාමුදුරුවෝ ගන්න ක්‍රියාමාර්ගයට මට බලපෑම් කරන්න බෑ. ... ඒ නිකාය අස්සෙන් විනය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ, නමුත් ගන්නෑ. මොකද හේතුව? මොකද හේතුව? මොකද හේතුව? ඒ ඔක්කොම එකයි.

[ 09:00 ]
අද වෙනකොට ලංකාවේ බුදුදහම නෑ.

මේ පුද්ගලයා ථෙරවාදය සහ මහානායකවාදය අතර දෝලනය වන බව පෙනේ. මෙබඳු ඔරලෝසු බට්ටන් මහානායකවාදයට කුමටද? මෙබඳු පුද්ගලයින්ව නොවෙද කෙළින් කර ගත යුත්තේ? "ඒ ඔක්කොම එකයි" කියමින් මේ ඔරලෝසු බට්ටා මහානායකවරුන් කෙළින් විය යුතු යැයි සිතුවාද?

විශේෂයෙන්ම මේ පුද්ගලයා කවරක් දැක වර්ථමානයේ පවතින ශාසනය මුල් බුදුසමයෙන් කඩාගෙන ආපු චිත්‍රයක් යැයි පවසනවාද? රට්ටු ඔවැනි දෑ ගැන සිතන්න යෑමෙන් මහානායකවාදයට සිදුවිය හැකි වින්නැහිය ගැන මහානායකවාදය ප්‍රියකරන ඔබ සිතා බලා කටයුතු කළ යුතුය.

මොහුව කෙළින් කිරීම පිණිස ථෙරවාදීන්ගේම අටුවාවේ එන උච්ඡඞ්ග ජාතක වර්ණනාවෙන් උපුටා ගැනුමක් භාවිතා කෙරුමට මහානායකවාදය ප්‍රිය කරන ඔබ ද උත්සුක වන්න:

නග්ගා නදී අනොදිකා නග්ගං රට්ඨං අරාජකං,
ඉත්ථීපි විධවා නග්ගා යස්සාපි දසභාතරො

හිමියා ස්ත්‍රියගේ වස්ත්‍රය බව සහ හිමියා නැති කල්හි දහසක් වටිනා වස්ත්‍රයක් ඇන්දත් ස්ත්‍රිය නිර්වස්ත්‍ර බව සනාථ කෙරුමට ඉහත ගාථාව ස්ත්‍රියක විසින් රජෙකුට ගෙන හැර දක්වා ඇත. එහි අර්ථය මෙසේ වේ:

දිය නැති ගඟ නග්නය. රජෙකු නැති රට නග්නය.
සහෝදරයින් දස දෙනෙකු සිටියත් හිමියා නැති ස්ත්‍රිය නග්නය.

රජා නැති රට හෙලුය. ගාථාවේ එසේ කියවේ. මෙය "මහානායකවාදය" යන ලිපියේ සඳහන් කර ඇති රජා මළ රටේ ඇති අඩුපාඩුවම දක්වයි. එම ලිපියෙන් ඔබව යොමුකර ඇති සිතීමට අනුව සහ මෙම ගාථාවට අනුව ශාසනය නැති මහානායකලා මාහානායකලා නැති ශාසනය හෙලු නොවන්නේ දැයි ඔබම විමසා බැලිය යුතුය.

"ඇපල් විජේ වැනි දුෂ්ට ඔරලෝසු බට්ටන් නොම වේවා! මහානායකවාදයවරු වැජඹේවා!" යැයි මහානායකවාදය ප්‍රියකරන ඔබ ඔල්වරසන් දිය යුතු නොවේ ද?

එනවා මෙතන මුල් බුදුසමය ගැන කථා කරන්න. ගොනා, බූරුවා, හරකා, උනහපුළුවා,... තාම ඇඟ වත් හරියට හැදිලා නෑ. පොඩි උං දැනගන්න ඔනෑ උංගෙ තරමට කට අරින්න. මුල් බුදුසමය මෙකාට කන්ඩද? ඇපල් පණුවා!

දෙව්දත් සරණයි!

Comments

Restricted HTML

  • Allowed HTML tags: <a href hreflang> <em> <strong> <cite> <blockquote cite> <code> <ul type> <ol start type> <li> <dl> <dt> <dd> <h2 id> <h3 id> <h4 id> <h5 id> <h6 id>
  • Lines and paragraphs break automatically.
  • Web page addresses and email addresses turn into links automatically.